මැතිවරණය කල් දමන කතාව සම්පූර්ණ බොරු
ජනාධිපතිවරයා ජනාධිපතිවරණය පවත්වන බවට දිගින් දිගටම ප්‍රකාශ කරද්දී සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂය ජනාධිපතිවරයා මැතිවරණය කල් දාන්න හදනවයි කියලා බේගල් ජනතාවට ප්‍රකාශ කළා.
නමුත් ඒක අද ඉතා පැහැදිලිවම බොරු කරලා මුසාවක් බවට පත් කරලා වර්තමාන ජනාධිපතිවරයා නියමිත කාලයටත් පෙර ජනාධිපතිවරණය තියන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ඔහු සියල්ලටම කලින් ඇප බැඳලා ගාල්ලෙදි තමන් පොදු අපේක්ෂකයෙක් ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පැහැදිලිවම ප්‍රකාශ කළා.
දැන් අනුරටයි, සජිත්ටයි තියෙන්නේ මේකට මුහුණ දෙන්න බැරි ප්‍රශ්නයක්. ඉතා පැහැදිලි අපිට පේනවා, අනුර කුමාර නම් දැන් පල්ලම් බැහැගෙන යන්න කලින්ම පටන් ගත්තා. ඒ පටන් ගත්ත එකේ පීක් එක තියාගන්න බැරි බව අපි හොඳටම දැනගෙන හිටියා.
සජිත් එක්ක යම් පොඩි තරඟයක් අපිට තියෙනවා. ජනාධිපතිවරණයට තියෙනවා සති හතක්. තව සති හතරකින් සජිත් එක්ක තියෙන තරඟයෙනුත් අපි පල්ලම් බස්සනවා.
අපිට ඒක ලොකු ගැටලුවක් නෙවෙයි. මොකද මේ රට කරන්න බැරි කෙනෙකුට ,රටේ ආර්ථිකය හදන්න බැරි කෙනෙකුට, බය වෙච්ච පුද්ගලයෙකුට අභියෝග භාරගන්න බැරි කෙනෙකුට, මේ රටේ ජන මතයක් හදන්න බැහැ.