කුමන අභියෝග පැමිණියත් අපේ ගමන අපි යනවා
කුමන අභියෝග හමුවේ වුවත් අපගේ හර පද්ධතීන් සහ ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කිරීම ජයග්‍රහණය කරා යන ගමනකට මග පාදන බව නාමල් රාජපක්ෂ මහතා තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා තුබුණා.
එහි සම්පුර්ණ ප්‍රකාශය පහතින්
අද දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය රැස්විණි. එහිදී ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් පත් කර ගැනීමට තීරණය කෙරිණි.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මැතිතුමා, පක්ෂයේ සභාපති මහාචාර්ය, පූජ්‍ය උතුරාවෙල ධම්මරතන ස්වාමීන්වහන්සේ, පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මැතිතුමා ඇතුළු දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින් සහභාගී විය.