ජනාධිපතිවරණය දවසකින්වත් කල් දාන්නේ නෑ - ජනපති
ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 දාට වඩා ඉදිරියට ගෙන යාමට තමා කිසිසේත් සූදානම් නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මැතිවරණ යනු ජනතා පරමාධිපත්‍යයේ කොටසක් බැවින් එය උල්ලංඝනය වීමට ඉඩ නොතබන බව කී ජනාධිපතිවරයා සැප්තැම්බර් 21 වන දින ජනාධිපතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සලසන බව කීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 106 වන වගන්තියට අනුව ස්වාධීන හා නිදහස් මැතිවරණයක් පැවැත්වීමේ බලතල මැතිවරණ කොමිසමට හිමි වන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් පූර්ණ සහාය ලබාදීම සියලුදෙනාගේ පරම යුතුකම බවද කියා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි හෝමාගම බස්නැවතුම් පොළ පරිශ්‍රයේ පැවති 'ජයගමු ශ්‍රී ලංකා' කොළඹ දිස්ත්‍රික් විගමනික හරසර වැඩසටහනට සහභාගී වෙමිනි.