පුපුරන කල්ලි ඔක්කොම හිටියේ අනුර කුමාර ළඟ - ගලගොඩ අත්තේ ඥානසාර හිමි

බලයට ආවොත් පිපිරීම ගැන මුල අග සොයන බව ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතා ජපානයට ගොස් පැවසූ බවත් මේ පිපිරීම් ගැන මුල මැද අග කොහොමත් දන්නේ අනුර කුමාර බවත් පුපුරන කල්ලි සිටියේ අනුර කුමාර ළඟ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ ඇප මත මුදා හැරීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණයෙන් පිටතට පැමිණි අවස්ථාවේ ජනමාධ්‍ය අමතමින් පැවැසූහ.


උන් වහන්සේ එහිදී මෙසේද කීහ.


2014 ජුනි මස 20 වැනිදා දික්වැල්ල ප්‍රදේශයේදී ක්ෂේක්වරයෙක් හමුවනවා. ඉස්ලාම් ආගමට අපහාසයක් වන පරිද්දෙන් මේ රට තුළ උන්මත්තක ආගමික කල්ලි මේ ආසියාවේ භයානකම අත්හදා බැලීම කරන්න තෝරගෙන තිබෙන්නේ ලංකාවයි. අනේ හාමුදුරුවනේ මේක ගිහිල්ලා ආරක්ෂක ලේකම්තුමාට කියන්න කියලා එදා අපට කිව්වා. 


ඒ අනුව එදා අපි ගිහිල්ලා කරුණු වාර්තා කෙරුවා. මේ කරුණු ටික කිව්වායින් පස්සේ මේ රටේ ආරක්ෂක අංශ තිබියදීත් මේක පිපිරුවානේ. මේක සියලුම අන්තවාදී මුස්ලිම් බලවේග ටික ගිහිල්ලා කොහෙද හැංගුනේ. 


ජනතා විමුක්ති පෙරමුණ සහ එදා යහපාලන ආණ්ඩුව ගේන්න වැඩකරපු ජාතික ජන බලවේගය හැටියට හිටිය ඒක අස්සේ තමයි ගිහිල්ලා හැංගුනේ. මම දැක්කා ඊයේ අනුර කුමාර මහත්තයා ජපානයේ ඉඳලා කියනවා මම ආවොත් බලයට අග මුල හොයන්නම් කියලා. එයා තමයි අග මුල දන්නේ මොකද එයා ළඟ තමයි පුපුරන කල්ලි ඔක්කොම ටික හිටියේ. ඒක තමයි මේකෙ තිබෙන කැත කතාව.



පුපුරන කල්ලි ඔක්කොම හිටියේ අනුර කුමාර ළඟ - ගලගොඩ අත්තේ ඥානසාර හිමි පුපුරන කල්ලි ඔක්කොම හිටියේ අනුර කුමාර ළඟ - ගලගොඩ අත්තේ ඥානසාර හිමි Reviewed by Lanka Political on July 29, 2024 Rating: 5
Powered by Blogger.