කුමන පක්ෂයකට අයත් වුවද කුසගින්න නිර්පාක්ෂිකයි

 ජනතාවගේ ජීවන බර සැහැල්ලු කරමින් මතු පරපුර වෙනුවෙන් ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් ගොඩනැඟීමට සහාය වන ලෙස මෙරට සමස්ත කාන්තා පරපුරෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා කීය.


එදා ආහාර සපයාගත නොහැකිව එකවේලක් අතහැරීමට පුරුදුව සිටි  දරුවන් පාසලට යවා ගත නොහැකිව ලත වූ මව්වරුන් විඳී පීඩාව කිසිවකු අමතක නොකළ යුතු බව පැවසූ ජනාධිපතිවරයා අද දේශප්‍රේමය සහ ජනතාවගේ දුක පිළිබඳ වේදිකාවල කථා කරන නායකයන් එදා අභියෝගය හමුවේ පළා ගිය අන්දම මේ රටේ ජනතාවට අමතක නොවනු ඇති බව කියා සිටියේය.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි  “කාන්තා අපේ බලය” මැයෙන් කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ අද (9) පෙරවරුවේ පැවති කාන්තා සමුළුව අමතමිනි.




කුමන පක්ෂයකට අයත් වුවද කුසගින්න නිර්පාක්ෂිකයි කුමන පක්ෂයකට අයත් වුවද කුසගින්න නිර්පාක්ෂිකයි Reviewed by Lanka Political on August 09, 2024 Rating: 5
Powered by Blogger.