නීති විරෝධී විදේශ රැකියා ජාවාරම් වැටලීම දිගටම

කැනඩාවේ කර්මාන්තශාලාවක රැකියා දෙනවා යැයි පවසමින් මිලියන ගණන් වංචා කළ මිනිස් ජාවාරම් කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.


එම ජාවාරම්කරු කාර්යාංශය විසින් තිහාරිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.


වංචාකරුවන්ට හසුනොවී නිත්‍යානුකුල ලෙස විදේශ රැකියා සඳහා යොමුවන ලෙසත්, මෙවැනි ස්ථාන හෝ පුද්ගලයින් පිළිබඳව දැනුම්දෙන ලෙසත් කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ දුරකථන අංක 011 2 864 241 හෝ 011 2 864 123 අමතන ලෙසත් මහජනතාවට නිරන්තරයෙන් දැනුම්දෙයි.


එමෙන්ම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ 1989 ක්‍ෂණික දුරකථන අංකය මේ සඳහා පැය විසි හතර පුරාවට ක්‍රියාත්මකයි.




නීති විරෝධී විදේශ රැකියා ජාවාරම් වැටලීම දිගටම නීති විරෝධී විදේශ රැකියා ජාවාරම් වැටලීම දිගටම Reviewed by Lanka Political on August 04, 2024 Rating: 5
Powered by Blogger.