මට ජනාධිපතිධූර එපා.. ධම්මිකගෙන් පොහොට්ටුවට ලිපියක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් තමා ඉවත් වෙන බව ප්‍රධාන පෙළේ ව්‍යාපාරික සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ලිපියක් යවමින් එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා වෙත දැනුම් දී තිබේ.


පෞද්ගලික හේතුවක් මත තමා මෙම තීරණය ගත් බව එම ලිපියේ ධම්මික පෙරේරා මහතා සඳහන් කර ඇත. පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තමන් කැමැත්තෙන් පසුවන බව ධම්මික පෙරේරා මහතා මීට පෙර සඳහන් කර තිබිණි.


අද උදෑසන බත්තරමුල්ල නෙළුම් මාවතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේ පැවැත්වෙන පක්ෂයේ අපේක්ෂකයා නම් කිරීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා සිය පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට බොහෝදුරට ඉඩ අැතැයි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ‘දිනමිණට’ සඳහන් කළේය.



මට ජනාධිපතිධූර එපා.. ධම්මිකගෙන් පොහොට්ටුවට ලිපියක් මට ජනාධිපතිධූර එපා.. ධම්මිකගෙන් පොහොට්ටුවට ලිපියක් Reviewed by Lanka Political on August 07, 2024 Rating: 5
Powered by Blogger.