යුද්ධය අවසන් කළා වගේම රටත් හදන්න මට පුලුවන්

යුද හමුදාපතිවරයා ලෙස යුද්ධය අවසන් කරන්නේ යැයි කළ පොරොන්දුව ඉටුකළා මෙන්ම ජනාධිපතිවරයා බවට පත්වී රට වෙලාගෙන සිට දූෂණය සහ විනය කඩා වැටීමෙන් මුදාගන්නා බවත් වර්තමාන පාර්ලිමේන්තුවට රට පත්ව සිටින අවාසනාවන්ත තත්වයෙන් ගලවාගැනීමේ හැකියාවක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.


ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්‍ෂකයෙක් ලෙස ඉදිරිපත් වන්නේ යැයි නිල වශයෙන් නිවේදනය කිරීම සඳහා බත්තරමුල්ලේදී ඊයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා මහතා එසේ කීය.


දියුණු රටවල් බවට පත්ව තිබෙන ලොව බොහෝ රටවල් ප්‍රතිපතියක් ඇති එකම නායකයෙක් පමණක් දියුණු කළ ඒවා බව කී ඒ මහතා පක්‍ෂ දේශපාලනයට ශ්‍රී ලංකාව දියුණු කළ නොහැකි බව ද සඳහන් කළේය.


පාර්ලිමේන්තුවේ සිටින අයගෙන් වැඩි පිරිසකට රට වැටී ඇති තත්වය පිළිබඳව කිසිඳු හැගීමක් නොමැති බවත් මෙරට ජනතාවගෙන් ලක්‍ෂ 25 ක් පමණ පක්‍ෂවලට දැඩිව බැදී සිටීම ගැටලුවක් බවත් ඒ මහතා කීය.


සමඟි ජන බලවේගයේ සභාපති ධූරයෙන් සහ කැලණිය ආසන සංවිධායක ධූරයෙන් ඉවත් වූ බවත් එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමිකිරීම දීර්ඝ කාලීන ක්‍රියාවලියක් වීම නිසා එයට නීතිය හරහා මුහුණ දෙන බවත් ඒ මහතා සඳහන් කළේය.


පක්‍ෂයට එරෙහිව කටයුතු කිරීමෙන් සිය පෞද්ගලිකව දේශපාලනය අවදානමකට ලක්ව තිබුණත් එය තමන් දැන සිටි බවත් පෞද්ගලික දේශපාලනය සඳහා නොව රට වෙනුවෙන් යුතුකම ඉටු කිරීමට පක්‍ෂයට එරෙහි වූ බවත් ඒ මහතා පැවසුවා.


ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉවත්වීමෙන් පසුව ආණ්ඩුව භාරගැනීමට විපක්‍ෂ නායකවරයා කටයුතු නොකිරීම සහ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා වූ ඡන්දයට විපක්‍ෂ නායකවරයා ඉදිරිපත් නොවීම ඩලස් අලහප්පෙරුම මහතාට සහයෝගය දැක්වීම යන සිද්ධි දෙක පක්‍ෂය සමඟ හොඳ හිත පළුඳු වීමට ප්‍රධාන හේතුව බවත් විපක්‍ෂය ආණ්ඩුවක් භාරගත යුත්තේ වැටී තිබෙන අවස්ථාවේදී බවත් ඒ මහතා සඳහන් කළා.




යුද්ධය අවසන් කළා වගේම රටත් හදන්න මට පුලුවන් යුද්ධය අවසන් කළා වගේම රටත් හදන්න මට පුලුවන් Reviewed by Lanka Political on August 09, 2024 Rating: 5
Powered by Blogger.