මට කාත් එක්කවත් සටනක් නෑ, මා එන්නේ රට වෙනුවෙන්

මට මේ ජනපතිවරණය සටනක් නොවේ. මා එන්නේ කා එක්කවත් සටන් කරන්න නොවෙයි. මා එන්නේ මගේ ප්‍රතිපත්ති එක්ක යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 


ඇත්ත කියලා රට බේරගන්න ලෑස්තිද නැතිනම් බොරු කියල රට අවුල් කරන්නද කියලා අපි හිතන්න ඕනේ. කැමති නම් මට ඡන්දය දෙන්න.


මම මේක ඉදිරියට ගෙනියනවා. මම අනෙක් අය වගේ පොරොන්දු දෙන්නේ නෑ. මම කරල පෙන්නලා තියෙනවා. අනෙක් අය පොරොන්දු දෙනවා යැයි ද ජනපතිවරයා පැවැසීය. 


මට අනෙක් අපේක්ෂකයන් අභියෝගයක් නෙවෙයි. මම එන්නෙ රටේ අනාගතය වෙනුවෙන්.  අනෙක් අපෙක්ෂකයන් එන්නෙ ඔවුන් ගෙ අනාගතය වෙනුවෙන් යැයි ජනපතිවරයා වැඩි දුරටත් පැවැසීය.


මාධ්‍ය ප්‍රධානීන් සමග ජනපතිවරයා අද පැවැති හමුවකදී මෙම අදහස් පළ කළේය.




මට කාත් එක්කවත් සටනක් නෑ, මා එන්නේ රට වෙනුවෙන් මට කාත් එක්කවත් සටනක් නෑ, මා එන්නේ රට වෙනුවෙන් Reviewed by Lanka Political on August 07, 2024 Rating: 5
Powered by Blogger.