සජිත් මුණගැහෙන්න මට උවමනාවක් නෑ
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමට තමන්ට කිසිදු හේතුවක් නොමැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.
සිය X ගිණුමේ සටහනක් තබමින් නාමල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ තමන් විපක්ෂ නායක හමු වී ඇති බවට ජනාධිපති උපදේශක ආශු මාරසිංහ මහතා කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවයි.
“ජනාධිපති උපදේශක ආශු මාරසිංහ මා සහ සජිත් ප්‍රේමදාස අතර හමුවක් සිදු වූ බව කියන එක සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. එවැනි හමුවීමක් සිදු වුණේ නැහැ. මට ඔහුව හමුවීමට හේතුවක් නැහැ,” යැයි නාමල් රාජපක්ෂ මහතා එහි සඳහන් කර තිබේ.
සජිත් මුණගැහෙන්න මට උවමනාවක් නෑ
Reviewed by Lanka Political
on
August 03, 2024
Rating: